Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 20කට පසු බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව

වසර 20කට පසු බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව

වසර 20කට පසු බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව

2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හොකී තරග සඳහා සුදුස්සන් තේරීමේ තරගයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය පරාජය කරමින්.

තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේ බැංකොක් හිදී.

ශ්‍රී ලංකාව මූලික වටයේ ‘බී’ කාණ්ඩයෙන් තරගවදිනවා. මූලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ, බංග්ලාදේශ කණ්ඩායමයි.

එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2ට 1ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී දෙපිළම එක් ගෝලය බැගින් ලබා ගත්තා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ගෝල 3ට 2ක් ලෙසයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරේන් බොතාලේ, කුසල් වීරප්පුලි සහ සුරේෂ් රත්නායක ගෝල වාර්තා කළා.

ජාත්‍යන්තර හොකී තරගයකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කළේ, වසර 20කට පසුව වීමද විශේෂත්වයක්.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් වීරප්පුලි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 6 වැනිදා චීන තායිපේ කණ්ඩායම පැවැත්වෙනවා.

Exit mobile version