Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 10කට වැඩි කුෂ් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

කෝටි 10කට වැඩි කුෂ් සමඟ 2ක් අත්අඩංගුවට

කෝටි 10කට වැඩි කුෂ් සමඟ 2ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 10කට වඩා වැඩි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී ඊයේ (26) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු 04ක ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ බහා මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 476ක, පැකැට් 12ක් සඟවා රැගෙන විත් තිබූ බව අනාවරණය වී තිබේ.

එහි මුළු වටිනාකම රුපියල් දස කෝටි හතලිස් හත්ලක්ෂ හැටදහසක් බව සඳහන් වේ.

සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර 25 හැවිරිදි එක් සැකකරුවෙකු රෙදි අලෙවිසැළක සේවකයෙක් බව අනාවරනය වී ඇත.

අනෙක් සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන 26 හැවිරිදි පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 3203 දරන ගුවන් යානයෙන් ඊයේ(26) අලුයම 05.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ ඇති බව සඳහන් වේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකරුවන් සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

Exit mobile version