විශේෂයෙන් සවස 6.00 ත් රාත්‍රී 10.00 අතර කාලයෙදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ගම්පහ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමට සහභගී වෙමින් කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන්ම සියලු පරිභෝජනයන් සඳහා මැයි මස වන තුරු තෙල් පවතින බවද එතුමා සඳහන් කලේය.

