Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 03කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති කොළඹ 14 සහ ජා ඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 514කට අධික වටිනාකමකින් යුත් ඉඩමක්, කඩ කාමර 04ක්, තෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 59ක වටිනාකමින් යුතු බැංකු ගිණුම් 06ක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මීගමුව සහ කොළඹ මහාධිකරණ මඟින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර බලාත්මක කර ඇත.

සැකකාරිය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වන වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමේ පිහිටි රුපියල් ලක්ෂ 300ක් වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවස 2026.03.20 වන දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version