රුපියල් දස කෝටි පනස් පන් ලක්ෂ විසි දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (18) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් අතරින් එක් අයෙකු 20 හැවිරිදි වියේ පසුවන, හක්මණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
අනෙක් ගුවන් මගියා 22 හැවිරිදි, අගුණකොළපැළැස්ස ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවකි.
ඔවුන් දෙදෙනා 03/18 දින අලුයම 01.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ, ව්‍යාජ පතුළ් වල, මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 552ක ප්‍රමාණය, පැකැට් 08කට අසුරා, සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඊයේ දින (18)මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

