Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක්

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක්

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක්

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක් ඇතුළත් ගැසට් පත්‍රයක් සකස් කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය පවත්වාගෙන යාමට අදාළ රෙගුලාසි මාලාවක් ගැසට් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ අදාළ ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකළාය.

මෙම පෙත්සම අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය තුළ සිදුකළ හැකි සහ සිදුකළ නොහැකි කරුණු ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉකුත් නොවැම්බර් මස කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ නඩුකරය (16) කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මීට අදාළ ගැසට් නිවේදනය සකස් කර ඇති බවත් එහි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම රෙගුලාසි පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ රෙගුලාසි මාලාව ගැන අධ්‍යයනය කර නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන් අතර පෙත්සම යළි සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

Exit mobile version