2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණ ලබා දී ඇති සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් මස 02වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය පවසයි
ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වීමේ දිනය සඳහන් කර නොමැති සියලු ස්ථානමාරුවීම්ද අදාළ දිනයේ සිට ක්‍රියාක්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහන් කර සිටියි.
ස්ථානමාරුවීම්වලට අදාළව ඉදිරිපත් වී ඇති අභියාචනාවල තීරණද මේ වන විට සියලු නිලධාරීන්ට දැනුම් දී ඇති අතර එම තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙඩි අඩවියේ සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2026 වාර්ෂික ස්ථානමාරු නියෝග ලබා සිටින සියලුම නිලධාරීන් නියමිත දිනයේ නව සේවා ස්ථානයේ රාජකාරි භාරගැනීම සිදුකළ යුතු බවද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එමෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය ලබාදී ඇති ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හෝ නිර්දේශ නැවත සලකා නොබලන බවද සඳහන්ය.

