Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා සහනාධාර තොගයක් නිවසක සඟවාගෙන සිටි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිට්වා සහනාධාර තොගයක් නිවසක සඟවාගෙන සිටි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිට්වා සහනාධාර තොගයක් නිවසක සඟවාගෙන සිටි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ලබාදීම සඳහා රජය සහ වෙනත් ආයතන ලබාදුන් සහනාධාර තොගයක් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිණියකගේ නිවසේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම කාර්යාලයේ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසනවා.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලීය විමර්ශන නිලධාරීන්ට හා අරණායක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා.

එහිදී විපතට පත් ජනතාවට ලබා දීමට රජය සහ වෙනත් ආයතන ලබාදුන් ආධාර අඹේගොඩ නිවසක තිබියදී සොයා ගැණුනා.
මෙම නිවසේ පදිංචිකාරිණිය අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිණියක් බවට තහවුරු වී තිබෙනවා.
එම නිලධාරිණිය සහ එම කාර්යාලයේ තවත් සේවකයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනා.

තවත් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි අරණායක පොලිසිය පැවසුවේ.

Exit mobile version