Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා

පසුගිය පෙබරවාරි අඟ (28) දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ විදේශිකයින්හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දීර්ඝ කිරීම් ලබා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපය වෙත පසුගිය මස (28) සිට ගුවන් ගමන් අවලංගු කිරීම නිසා මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින්හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර රටින් බැහැර වීමට නොහැකි විය.

එම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසිය යුතුය.

Exit mobile version