Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 11කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

කෝටි 11කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

කෝටි 11කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ”කුෂ්” සහ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග ඊයේ (06)අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුළක් සකස් කර මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 590ක ප්‍රමාණය සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 910ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි.

මෙම සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන නගර සභා සේවකයෙකු බව සදහන් වේ.

ඔහු ඊයේ (06) අලුයම 2.50ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිලිබදව වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

Exit mobile version