Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අවු. 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අවු. 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අවු. 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන බැංගලෝරය පිහිටා ඇති කර්ණාටක ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.

ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා ඒ බව නිල වශයෙන් ඊයේ (06) ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දකුණු ඉන්දියාව තුළ සමාජ මාධ්‍ය භාවිතය තහනම්කළ පළමු ප්‍රාන්තය බවට කර්ණාටක පත්විය.

ළමුන්ගේ වර්ධනය වන සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම සහ අසීමිත අන්තර්ජාල ප්‍රවේශයට නිරාවරණය වීම පිළිබඳ කනස්සල්ල ගෝලීය විවාදයක් ඇති කර තිබෙන අතර, දෙසැම්බර් මාසයේදී ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත් විය. එසේම බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය සහ ග්‍රීසියද මෙම ගැටලුව අධ්‍යයනය කරමින් සිටින අතර ලොව විශාලතම සමාජ මාධ්‍ය වෙළෙඳපොළක් වන ඉන්දියාවේ ප්‍රදේශවලද ඒ හා සමාන සලකා බැලීම් හැඩගැසෙමින් පවතී.

Exit mobile version