Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් හමුවේ ක්‍රිකට් ලෝලීන් පිරිසක් ඊයේ (01) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරි පිට විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් ඊට එකව සිටියා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයට වහාම ධුරවලින් ඉල්ලා අස්වී “ගෙදර යන ලෙස” විරෝධතාකරුවන් සටන් පාඨ ඉදිරිපත් කළා.

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය යළි ඇති කිරීමට පාලක මණ්ඩලය අපොහොසත් වී ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට වත්මන් නිලධාරීන් සෘජුවම වගකිව යුතු බවත් විරෝධතාකරුවෝ චෝදනා කළා.

පොලිසිය පැවසුවේ, විරෝධතාව හේතුවෙන් එම මූලස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවූ බවයි.

Exit mobile version