Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන අනාවරණයක්

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන අනාවරණයක්

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සහ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අනාවරණය කරමින්, පසුගිය 2024 වසර තුළදී පමණක් වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් 7,950ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලීසිය මේ බව අනාවරණය කළේය.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන්ම හෙරොයින් සහ අයිස් (Ice) යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් යන වයසේ පසුවන දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම විශේෂත්වයකි.

මත්ද්‍රව්‍ය ජාලයන් විසින් පාසල් පද්ධතිය සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ආකාරය මෙහිදී අවධාරණය කෙරිණි. දරුවන් මෙම ව්‍යසනයෙන් මුදා ගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version