Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 27කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

අම්බලන්ගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවලදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, මෙය මෑත කාලයේ දකුණු පළාතේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස සැලකේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න අනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර ඇත. ප්‍රශ්න කිරීම් සඳහා සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Exit mobile version