අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඉකුත් සෙනසුරාදා (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව මෙලෙස සැකකරු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරනවා.
මෙම සැකකරු ඝාතනයට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් බව පොලීසිය පවසනවා.
අම්බලන්ගොඩ දෙල්දූවේ ප්‍රදේශයේ දී (21) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
46 හැවිරිදි සුනිල් රංජිත් නම් එම සැකකරු 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරේ.

