Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්‍රාම දිවියට පැමිණි අයට ගත කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව

විශ්‍රාම දිවියට පැමිණි අයට ගත කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව

විශ්‍රාම දිවියට පැමිණි අයට ගත කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව

විශ්‍රාම දිවියට පැමිණි අයෙකුට ගත කිරීමට හොඳම රට බවටත් ශ්‍රී ලංකාව පත් වේ.

ජාත්‍යන්තරයෙන් මෙවැනි අගය කිරීම් ලැබීම ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානයට හේතු වනු ඇත.

එමෙන්ම දිවයිනට පැමිණෙන සංචාරකයන් පිරිසද දිනෙන් දින ඉහළට යාම විශේෂ තත්ත්වයක්.

මේ මාසයේ පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ පනස්නවදහස් තුන්සිය තිස්නවදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. එමෙන්ම පසුගිය මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස දෙලක්ෂ හැත්තෑහත්දහස් තුන්සිය විසිහතක්.

පසුගිය වසරේ ජනවාරි මාසයේ එම සංඛ්‍යාව දෙලක්ෂ පනස්දෙදහස් හත්සිය හැටඑකක් බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ එම වර්ධනය 9.7%ක්.

පසුගිය ජනවාරි පළමුවනදා සිට පෙබරවාරි 15 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් පිරිස හාරලක්ෂ තිස්හයදහස් හයසිය හැටහයදෙනෙකු බවයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයක් තුළ වසරේ සංචාරක ඉලක්ක වෙත පහසුවෙන් ළඟා විය හැකි වතාවරණයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මේ අතර ඇමෙරිකාවේ ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සගරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ තුනකින් පමණ මසකට ශ්‍රී ලංකාවේ ජිවත්විය හැකි බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාවේ මූලස් අස්ථාවරත්වය හේතුවෙන් විශ්‍රාම යාමට මැලිකමක් දක්වන පිරිස පසුගිය කාලයේ ඉහළ ගියා.

එම ගැටලුවට කදිම විසඳුමක් ලැබී ඇති බවයි ලෙෂර් සගරාව පෙන්වා දෙන්නේ.

එනම් විශ්‍රාම යන ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ දී සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ හැකි බව ලෙෂර් සඟරාව පෙන්වා දෙනවා.

ඇමෙරිකා ඩොලර් හතරක මුදලකට යුවලකට ශ්‍රී ලංකාවේ දී තුන්වේලම දේශීය ආහාර ලබා ගත හැකි බවයි මෙහිදි හෙලි කෙරුණේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන්නේ වියට්නාමයයි. තුන්වන ස්ථානය තායිලන්තයට හිමිවිය.

Exit mobile version