Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනපතිට තවත් වසර 30ක සිරදඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනපතිට තවත් වසර 30ක සිරදඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යොල් (Yoon Suk Yeol)ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් ඔහුට මෙම දඬුවම නියමව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට පෙර, මෙම කැරැල්ල සම්බන්ධයෙන් දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන්ට වසර 30ක සිර දඬුවමක් නියම විය.

හිටපු බුද්ධි අංශ අණදෙන ප්‍රධානී නෝ සැන්ග්-වොන්ට වසර 18ක්, හිටපු ජාතික පොලිස් ඒජන්සි කොමසාරිස් චෝ ජි-හෝට වසර 12ක්, හිටපු සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සි කොමසාරිස් කිම් බොන්ග්-සික්ට වසර 10ක් සහ හිටපු සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සි ජාතික සභා ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී මොක් හ්යුන්-ටේට වසර 3ක සිර දඬුවමක් නියම විය.

Exit mobile version