Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාමසාන් උපවාසය ඇරඹේ

රාමසාන් උපවාසය ඇරඹේ

රාමසාන් උපවාසය ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ඊයේ දින (18) සන්ධ්‍යාවේ නිවේදනය කළේය.

රට පුරා පත් කරන ලද හිලාල් උප කමිටුවල වාර්තාවලට අනුව නව අඩ සඳ ඊයේ (18) දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය හෙට (19) සිට ආරම්භ කෙරෙන බව එම පල්ලිය තහවුරු කළේය.

ඒ අනුව ACJU හිලාල් අංශය, කොළඹ මහ පල්ලිය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකමතිකව තීරණය කළේ රාමසාන් මාසයේ පළමු දිනය හෙට දිනය බවය.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 9වන මාසය රාමසාන් මාසයේ උපවාසය වන අතර, එය ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකේ.

Exit mobile version