Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්ෂ 18ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ලක්ෂ 18ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ලක්ෂ 18ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග අත් අඩංගුවට ගැනීමට ඊයේ (17) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙයි.

මොහු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු ඊයේ(17) අලුයම 02.45ට සාජා නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.- 9587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ විදේශීය නිෂ්පාදිත ”ප්ලැටිනම්” සහ ”මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 12,000ක් අඩංගු දුම්වැටි කාටූන් 60ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔහු සමග මෙම දුම්වැටි තොගය එළඹෙන 02/25 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version