Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලලා

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලලා

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇති බව සඳහන් වේ
අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර ඇත.

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයට අය කෙරුණු රුපියල් 4.50ක මුදල රුපියල් 5.11ක් දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා මීට පෙර ඒකකයට රුපියල් 8.00ට අය කෙරුණු ද මේ නව සංශෝධිත අපේක්ෂා කෙරෙන ගාස්තුව රුපියල් 9.08ක්.

මීට පෙර ඒකක 61 සිට 90 දක්වා විදුලිය ගාස්තුව රුපියල් 18.50ක් වූ අතර වන යෝජිත නව සංශෝධනය හරහා එම ගාස්තුව රුපියල් 21.01 දක්වා ඉහළ යනු ලබනවා.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයට මීට පෙර රුපියල් 24.00 අය කෙරුණා.

යෝජිත සංශෝධන ගාස්තුව තුළින් එම මුදල රුපියල් 27.25ක් ලෙස ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරනවා.

ඒකක 121 සිට 180 දක්වා ඒකකයට මීට පෙර රුපියල් 41ක් අය කෙරුණු අතර නව මිල ගණන් අනුව එය රුපියල් 46.56 දක්වා වැඩිවනු ලබනවා.

ඒකක 181කට වැඩි විදුලිය පරිභෝජනය කෙරෙන, ඒකකයක් සඳහා රුපියල් 61ක් අය කළ අතර යෝජිත නව සංශෝධනයෙන් එම ගාස්තුව රුපියල් 69.27ක් දක්වා ඉහළ දැමීම සිය අපේක්ෂාව බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.

Exit mobile version