Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත එම සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් අඟහරුවාදා (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙක්, එහි වත්මන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සහ පෞද්ගලික සමාගමක සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්.

2016/2018 ‘පුනරුදය’ ජාතික වැඩසටහන යටතේ කෙරවලපිටිය කසළ අංගනය සඳහා දිගු බාහු සහිත කැනීම් යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමේදී මෙම දූෂණය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

සැපයුම්කරු විසින් ආනයනික පැරණි යන්ත්‍රවල කොටස් ගලවා නවීකරණය කර රජයට සපයා ඇති අතර, අදාළ රාජ්‍ය නිලධාරීන් නිසි පරීක්ෂාවකින් තොරව ඒවා භාර ගැනීම නිසා රජයට රුපියල් මිලියන 41ක මූල්‍ය පාඩුවක් සිදුව තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබේ.

Exit mobile version