Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් මනෝවෛද්‍ය උපදේශන

නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් මනෝවෛද්‍ය උපදේශන

නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් මනෝවෛද්‍ය උපදේශන

කොළඹ නාලන්දා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සම්බන්ධ සිදුවීමේදි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් විදුහල්පතිවරයා විසින් අපූරු දේශනයක් පාසලේ ගුරුවරුන් හට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව විදුහල්පතිවරයා පාසැලේ සියලුම ගුරුවරුන් හට දැනුම් දී ඇත්තේ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා හා යෞවන මනෝවෛද්‍ය විශේෂඥ, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය ඇතුලු කණ්ඩායමක් යොදවා අද දින (10) මනෝවෛද්‍ය උපදේශන සැසියක් පවත්වන බවයි.

ඒ අනුව මෙම විශේෂ දේශනය හෙට පස්වරු 1.30 සිට 2.30 දක්වා පාසැල් ශ්‍රවනාගාගාරයේදී පැවැත්වෙන අතර ඊට සහභාගිවීම අනිවාර්ය කර තිබෙනවා.

විදුහල්පතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමතිය පලකරමින් පාසලේ ගුරුවරියන් සඳහන් සඳහන් කරන්නේ අදාළ සිදුවීම පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් විදුහල්පතිවරයා පාසලේ ගුරුවරුන්ට මනෝ උපදේශන ලබාදීම විහිළුවක් බවයි.

විදුහල්පතිවරයාට මෙම ප්‍රධාන ශිෂ්‍ය නායකවරයා පිළිබදව අවස්ථා කිහිපයකදීම පැමිණිලි කලද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ යැයි පවසමින් නාලන්දා විදුහලේ ගුරුවරියක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

Exit mobile version