Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චෙම්මනි නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

චෙම්මනි නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

චෙම්මනි නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

චෙම්මනි – සිත්තුපත්ති සමූහ සුසානයේ තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ කරන නිල දිනය ලබන මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ (09) නියෝග කළා.

එදිනම මෙම නඩුවට අදාළ මීළඟ විභාගය පැවැත්වීමටද අධිකරණය තීරණය කර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (09) පෙරවරු 9.30ට මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සමූහ සුසානය පිහිටි භූමිය නිරීක්ෂණය කනු ලැබුවා.

කැණීම් සිදුකර ඇති ස්ථානවල පිරී තිබූ වැසි ජලය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද ඒ වන විටත් නිම කර තිබුණා.

ස්ථානීය නිරීක්ෂණයෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා, ලබන මස 16 වැනිදා නඩුව යළි කැඳවන දිනම කැණීම් සඳහා දින නියම කරන බවත් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කළා.

මේ අතර, ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය වන වියදම් ඇස්තමේන්තුව ඇතුළත් වාර්තාවක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (09) දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

Exit mobile version