Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාලන්දා විදුහලේ ගුරුවරියකගෙන් විදුහල්පතිට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

නාලන්දා විදුහලේ ගුරුවරියකගෙන් විදුහල්පතිට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

නාලන්දා විදුහලේ ගුරුවරියකගෙන් විදුහල්පතිට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම විදුහල්පතිවරයාට පැමිණිලි කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් එම පාසැලේ ගුරුවරියක විසින් බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණීල්ල ඉදිරිපත් කරමින් ඇය සදහන් කර ඇත්තේ එම සිසුවා විදුහලේ ගුරුවරියන් පීඩාවට පත්වන අයුරින් හැසිරීම නිසා ඒ පිළිබදව පාසැලේ විදුහල්පතිවරයා මෙන්ම ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා හා ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්යවරයා වෙතද පැමිණිලි කර බවයි.

එහෙත් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු නිසි පියවරක් නොගෙන එම සිසුවාට එලෙස ගුරුවරියන් හට බලපෑම් සිදුකිරීමට ඔවුන් ඉඩලබාදුන්නේ ඇයිදැයි විමර්ශනය කරන ලෙසට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඇය සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ අදාළ පැමිණීල්ල අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි.

එමෙන්ම මෙම ගුරුවරියට අමතරව තවත් භික්ෂූන්වහන්සේ නමක්ද විදුහල්පතිවරයාට එරෙහිව බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

Exit mobile version