Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මතුගම පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අස්ථානගතයි

මතුගම පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අස්ථානගත වෙලා

මතුගම පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අස්ථානගත වෙලා

මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් සහ උණ්ඩ 10ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් මෙලෙස අස්ථාන ගත වී ඇති බවය.

පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ.

මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

Exit mobile version