Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ(28) පස්වරුවේ ප්‍රකාශයට පත්කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර තිබෙනවා.

දෙරට අතර විස්සයි20 තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි පළමු තරගය ජනවාරි 30වනදා පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරග පෙබරවාරි 1 හා 3 යන දිනවලදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකා සංචිතය

1. දසුන් ශානක (නායක), 2. පැතුම් නිස්සංක, 3. කමිල් මිෂාර, 4. කුසල් මෙන්ඩිස්, 5. කුසල් ජනිත් පෙරේරා, 6. ධනංජය ද සිල්වා, 7. චරිත් අසලංක, 8. ජනිත් ලියනගේ, 9. පවන් රත්නායක, 10. වනිඳු හසරංග, 11. දුනිත් වෙල්ලාලගේ, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. ප්‍රමෝද් මධුෂාන්, 15. මතීෂ පතිරණ, 16. ඒෂාන් මාලිංග

Exit mobile version