ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නව ඉංජිනේරු පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කර තිබේ.
ඒ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනුයි.
කොට්ටාව ප්‍රදේශයේ අක්කර 10කින් සමන්විත භූමි භාගයක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව ඉංජිනේරු පීඨය ඉදි කර ඇත.
ඒ අති නවීන පහසුකම්වලින් සමන්විතවයි.
2016 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 07වන පීඨය ලෙස ඉංජිනේරු පීඨය ඊට එක් වූ අතර ඒ සඳහා වෙනම ශාලා පහසුකම් තිබුණේ නැහැ.
එම අඩුපාඩුව සපුරාලමින් නව ඉංජිනේරු පීඨ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරුණේ රුපියල් බිලියන 08 ක වියදමෙනුයි.
ආසියා සංවර්ධණ බැංකුවේ ණය ආධාර මත ඉදිවූ මෙම විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය ආසන 800 කින් යුත් නවීන ශ්‍රවනාගාරයකින්ද සමන්විත වේ.

