Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රංශ වයින් සඳහා 200%ක තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ප්‍රංශ වයින් සඳහා 200%ක තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ප්‍රංශ වයින් සඳහා 200%ක තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ.

මෙය, ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සහාය ලබා ගැනීමට සිදුකරණ උත්සහයක් බව පැවසේ.

තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන බවට සැලවීමත් සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බව විදේස් මාධ්‍ය පවසයි.

“ඔහු එහෙම කිව්වද? හොඳයි, කිසිවෙකුත් ඔහුට කැමති නැහැ, මොකද ඔහු ඉතා ඉක්මනින් ධුරයෙන් ඉවත් වනවා.”

“මම ඔහුගේ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවනවා, ඔහු එවිට එක්වනු ඇති, නමුත් ඔහු එක්විය යුතුත් නෑ” යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යයට පවසා ඇත.

එමෙන්ම 2027 වසරේදී මැක්‍රොන් ජනාධිපතිවරයා වෙනුවට ප්‍රංශය මැතිවරණයක් පවත්වයි යනුවෙන්ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2024 දී අමෙරිකාවට යුරෝ බිලියන 3.8ක නැව්ගත කිරීමත් සමඟ අමෙරිකාව ප්‍රංශ වයින් සහ ස්ප්‍රීතු සඳහා විශාලතම වෙළෙඳපොළ විය.

Exit mobile version