Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව වසරේ අධ්‍යාපන කටයුතු ගැන නිවේදනයක්

නව වසරේ අධ්‍යාපන කටයුතු ගැන නිවේදනයක්

නව වසරේ අධ්‍යාපන කටයුතු ගැන නිවේදනයක්

ජනවාරි මස 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇති.

තවද එම නිවේදනයෙන් පවසන්නේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත වු නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමා තිබෙන බැවින් පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බවයි.

6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු බව අධ්‍යාපන අමත්‍යංශ නිවේදනයේ සදහන් වේ.

එලෙස පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබෙන බව නිවේදනයේ සඳහන්.

මීට අමතරව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කර තිබෙන අතර එක් කාලඡේදයක් විනාඩි 40ක් විය යුතු බැවින් පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති නිවේදනය:

Exit mobile version