Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

කොකේන් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන නීතිඥවරයෙක් සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරයා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර නීතිඥවරයා සිය මිතුරන් සිව් දෙනකු ද සමග විවේකයක් ගත කිරීම සඳහා මිරිස්සට පැමිණ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් එහිදී පොලිසියට ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් එම හෝටලය පරීක්ෂා කළ අවස්ථාවේ සැකකාර නීතිඥවරයා ළඟ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860 ක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයා ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Exit mobile version