Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

20-30ත් අතර තරුණයින් බයික් අනතුරුවලට ලක්වන අලුත්ම රටාව

20-30ත් අතර තරුණයින් බයික් අනතුරුවලට ලක්වන අලුත්ම රටාව

20-30ත් අතර තරුණයින් බයික් අනතුරුවලට ලක්වන අලුත්ම රටාව

යතුරුපැදි පිරිසිදු කිරීමේදී සිදුවන විශේෂිත අනතුරු රටාවක ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා අනාවරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ, වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන බොහෝ තරුණයින් තම අලුත් යතුරුපැදියේ චේන් එක (Chain) පිරිසිදු කිරීමට උත්සාහ කරන්නේ අතිශය අනාරක්ෂිත ආකාරයකට බවයි.

යතුරුපැදියේ එන්ජිම ක්‍රියාත්මක කර පළමු ගියරයට දමා චේන් එක කැරකැවීමට සලස්වා එම කැරකෙන චේන් එක පිරිසිදු කිරීමට කපු රෙදි කැබැල්ලක් භාවිතා කරන අතර, එහිදී රෙදි කැබැල්ල චේනයේ හෝ ස්ප්‍රොකට් එකේ පැටලීම ක්ෂණිකව සිදුවන බව ඔහු පැවසුවා.

එමෙන්ම රෙදි කැබැල්ල සමගම පුද්ගලයාගේ අතද චේන් එක දෙසට ඇදී යන අතර, එහිදී ඇඟිලි තුඩු බරපතල තුවාලවලට හෝ ඇඟිලි අහිමි වීමේ අවදානමට ලක් වන බව වෛද්‍ය ගනිඳු මාධව මහතා පෙන්වාදෙනවා.

පසුගිය මාස කිහිපය තුළ මෙවැනි අනතුරුවලට ලක්වූ තරුණයින් විශාල පිරිසක් හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරයා සඳහන් කළා.

මෙහි ඇති වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ, තරුණයින්ගේ හුරු අතේ පළමු, දෙවන සහ තෙවන ඇඟිලි මෙලෙස බරපතල ලෙස තුවාල වීම බව ඔහු පැවසුවා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ගනිඳු මාධව මහතා:

“අලුත් යතුරුපැදි මිලදී ගත් පසු එහි චේන් එක පිරිසිදු කරන ලෙස නිෂ්පාදක සමාගම් උපදෙස් ලබා දෙනවා. නමුත් එය එන්ජිම පණගන්වා තිබියදී සිදුකිරීම අතිශය භයානකයි. මේ අනතුරු රටාව නිසා බොහෝ තරුණයින්ට තම ඇඟිලි තුඩු අහිමි වී තිබෙනවා.

පසුගිය මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්කා තරුණ 20 – 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරුඅතේ ඇගිලි තුඩුවලට අධික ලෙස හානි වෙලා. එහෙම නැත්තන් ඇගිලිවලට තුවාල වෙලා. නිතර නිතර අපිට හදිසි අනතුරු අංශයට එනවා. මේක තවදුරටත් සොයා බැලීමේදී අපිට දක්නට ලැබුණා. මේක තුවාලය සිදුවන රටාවක් තිබුණා. සියලුම දෙනාගේ ඉන්ජරිඑක වෙලා තිබුණේ තමන්ගේ අලුතින් ගනිපු බයික්වල මෝර්ටර් චේන්ස් පිරිසිදු කරන්න උත්සහා කිරීමේදී තමයි මේ ඉන්ජරිඑක වෙලා තියෙන්නේ“

Exit mobile version