Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ නගරයට නවීන තාක්ෂණයෙන් යුත් කැමරා 400ක්

කොළඹ නගරයට නවීන තාක්ෂණයෙන් යුත් කැමරා 400ක්

කොළඹ නගරයට නවීන තාක්ෂණයෙන් යුත් කැමරා 400ක්

කොළඹ නගරයට කැමරා 400ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා.

මේ වන විටත් 75 කින් හා කැමරා සහිත වෑන් රථ දෙකකින් කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතු කරන බවයි රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාහ කළේ.‍

කොළඹ රථවාහන තදබදය හා ආරක්ෂාව වෙනුවෙන් මෙම කැමරා සවිකර තිබෙන අතර, රථවාහන වැරදි කරන රියදුරන් කැමරා මඟින් හඳුනාගෙන එම වාහනවල රියැදුරන්ට නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක්ද දැනටමත් ක්‍රියාත්මක කෙරෙනවා.

නවීන තාක්ෂණය සහිත කැමරා කිහිපයක්ද ඉදිරියේදී මීට එක් වනු ඇති.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එමඟින් කොළඹ නගරයේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය මෙන්ම වැරැදිකරන රියැදුරන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම ක්‍රමවත්ව සිදු කරන බවයි.

Exit mobile version