Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.1,133,40,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා Green Channel ඔස්සේ රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (29) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද දින (29) අලුයම 03.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම අනෙක් පුද්ගලයා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුද අලුයම 03.00ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 75,600ක් අඩංගු දුම්වැටි කාටූන් 378ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version