ළමා විදිතයින් හා නීතිය සමග ගැටුම් ඇති කරගත් දරුවන් අධිකරණවල ආරක්ෂිත නිවාස වෙත ප්‍රවාහනය කිරීම සඳහා පළාත් නවයකට අවශ්‍ය වාහන නවයක් අද(24) පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු කෙරුණා.
මෙම වැඩසටහන පැවැත් වුණේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් සහ නියෝජය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රදානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්රයේදීයි.
අමාත්‍ය සවිත්රී පෝලරාජ් මහත්මිය මෙහිදී පැවසුවේ මේ වසරේ ව්‍යාපෘති සඳහා වෙන් වූ රුපියල් මිලියන 250 ක මුදල මේ වසර තුලම අදාල අවශ්‍යතා වෙනුවෙන් වෙන් කළ බවයි.
මේ වනවිට වින්දිත දරුවන්ට අධිකරණවලට පැමිණ බොහෝ වේලා තමන් රැගෙනයාමට එනතෙක් බලාසිටින්නට සිදුවන තත්ත්වයක් උදගතව ඇත්තේ වාහන ගැටලුව නිසා බව අමත්‍යවරිය පෙන්වා දුන්නා. ඇතැම් විට වාහන හිගය නිසා වින්දිත දරුවා සහ විත්තිකරු එකම වාහනයේ රැගෙන යාමට සිදුවන තත්ත්වයක් උද්ගතව තිබූ බවත් සාවිත්‍රි පෝලරාජ් මහත්මිය පෙන්වා දෙන ලදි.
මෙම ගැටලුවලට තිත තැබීමේ පියවරක් ලෙස අදාල ආයතන වෙත රථ ප්‍රධානය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරිය පෙන්වා දෙනලදි.

