Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත ත්‍රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා.

සූර්ය බලශක්ති බලාගාරය‍, සැළසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්‍රියාවලියමද අවමය මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙහි විෂය පථයට අයත් වනවා.

ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර, ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 දින සිදුකෙරෙනවා.

එමෙන්ම ටෙන්ඩර් පත් ප්‍රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බවද දැනුම් දෙනවා.

Exit mobile version