Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විගණකාධිපති සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

විගණකාධිපති සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

විගණකාධිපති සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ඊයේ දින (22) මෙම ලිපිය යොමු කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ මූල්‍ය විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති විගණකාධිපති ධුරය, රාජ්‍ය ආයතනවල මූල්‍ය විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව එම සංගමය අවධාරණය කර ඇත.

එම සංගමය පෙන්වාදෙන්නේ, ස්ථිර විගණකාධිපතිවරයෙකු නොමැති වීම ජාතික විගණන කාර්යාලයේ ක්‍රියාකාරීත්වයට සහ රාජ්‍ය ආයතනවල වගවීම සම්බන්ධයෙන් බරපතළ බලපෑම් එල්ල කරන බවයි.

මීට පෙර ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද පුද්ගලයාට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත හිමි නොවූ බවත් එබැවින් පක්ෂපාතී නොවන, ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් හා ස්වාධීනත්වයක් සහිත පුද්ගලයෙක් මෙම ධුරය සඳහා නම් කළ යුතු බවත් නීතිඥ සංගමය පවසයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ දේශීය ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමට මෙම පත්වීම කඩිනමින් සිදු කිරීම රජයේ වගකීමක් බව නීතිඥ සංගමය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Exit mobile version