Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ලැප්ටොප් පරිගණක

අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ලැප්ටොප් පරිගණක

අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ලැප්ටොප් පරිගණක

දිට්වා සුළි කුණාටුවෙන් පසුව අධිකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා පහසුකම් සපයමින් ලැප්ටොප් පරිගණක 24ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබාදීමට යුරෝපීය සංගමයේ මුල්‍ය අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අධිකරණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) පියවර ගෙන ඇත.

එම ලැප්ටොප් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහයෝගිතා ප්‍රධානී Dr. Johann H. Hesse මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි මෙරට ප්‍රධානී Azusa Kubota මහත්මියගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය වෙත භාරදීම (18) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

පසුගියදා ඇතිවු හදිසි ආපදා තත්වය හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීම හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරෙ වෙත මාරු කර යැවු අතර, ඔවුන් වෙනුවෙන් දුරස්ථ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යාම සඳහා මෙම ලැප්ටොප් පරිගණක ලබා දී තිබේ.

බන්ධනාගාර සහ අධිකරණ අතර වීඩියෝ සම්බන්ධතා පවත්වා ගනිමින් රැඳවියන්ට දුරස්ථව පෙනී සිටීමේ අවස්ථාව ලබා දෙමින් ප්‍රවාහන අවදානම් සහ ප්‍රමාදයන් අවම කිරීම මෙහි අරමුණ වී ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version