Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා මරණ තවත් ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 640දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවය.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 473,138 කට අයත් 1,637,960දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටී.

එමෙන්ම පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පැවති ආපදා වලින් පූර්ණ නිවාස හානි 5,713ක් සිදුව ඇති අතර තවත් නිවාස 104,805කට අර්ධ හානි සිදුව ඇති බව සදහන් වෙයි.

Exit mobile version