Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට

සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට

සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල නැදිමාල ඩී.බී.ජයතිලක මාවත පදිංචි 24 හැවිරිදි සූපවේදියෙකු බව පොලීසිය පවසයි

අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැකබලා ගැනීමට ලබාදී සිටි විදේශීය පරෙවියන් 32ක් ඉකුත් ඔක්තෝබර් 04 වනදින මෙසේ සොරකම් කර තිබේ.

එම පරවියන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන අවස්ථාවේදී ගුවන්තොටුපොළදී පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත යොමුකර පරීක්ෂණ නිම වන තෙක් මෙලෙස රැක බලා ගැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානට භාර දී තිබියදී මෙම සොරකම සිදුකවී ඇති බව පාලනාධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.ගුණසේකර මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට(08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version