Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී පාද වන්දනා බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පොලිස් මූලස්ථානය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට ඇති ප්‍රධාන මාර්ගයක් වන හැටන් පිවිසුම් මාර්ගයේ පිහිටි මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑම් තත්ත්වයක් ඇති වී ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් එම ස්ථානයට ගොස්, මේ වන විට පවතින භූ අස්ථාවරත්වය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් සිදු කර ඇත.

ඒ අනුව, එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නිර්දේශ මාලාවක් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනයක් ලෙස නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක්, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් හැටන් පිවිසුම ඔස්සේ අදාළ අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කළ යුතු බවට පොලීසිය විසින් බැතිමතුන්ට දැනුම් දී තිබේ.

අවදානම් තත්ත්වයක් පැවතීම නිසා, බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ගයේ ඉහළට ගමන් කිරීමේදී සීමා කිරීම් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළා.

තවද, ශ්‍රී පාද වන්දනා කිරීමට අපේක්ෂා කරන බැතිමතුන්ගෙන් පොලීසිය දැඩි ලෙස ඉල්ලා සිටින්නේ, තම ප්‍රදේශවල සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ගමන් මාර්ගවල තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

Exit mobile version