Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම තවත් නරක අතට

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම තවත් නරක අතට

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වයෙන් ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන 343න් 156ක්ම අක්‍රිය තත්ත්වයට පත්වූ බවයි.

විශේෂයෙන් මෙ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බවද සුසිල් රණසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජල සම්පාදන සේවකයින්ගේ කැපවීම හේතුවෙන් හානි සිදු වූ ජල සැපයුම් පද්ධතිවලින් සියයට 90ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇති බවයි.

Exit mobile version