ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වයෙන් ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන 343න් 156ක්ම අක්‍රිය තත්ත්වයට පත්වූ බවයි.
විශේෂයෙන් මෙ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බවද සුසිල් රණසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජල සම්පාදන සේවකයින්ගේ කැපවීම හේතුවෙන් හානි සිදු වූ ජල සැපයුම් පද්ධතිවලින් සියයට 90ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇති බවයි.

