Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා නිසා මහ කන්නයේ එළවළු වගාවෙන් 40%කට පමණ හානි

ආපදා නිසා මහ කන්නයේ එළවළු වගාවෙන් 40%කට පමණ හානි

ආපදා නිසා මහ කන්නයේ එළවළු වගාවෙන් 40%කට පමණ හානි

ආපදා තත්ත්වයෙන් මහ කන්නයේ එළවලු වගාවෙන් සියයට 40කට පමණ හානි සිදුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේ, එළවලු වගා හෙක්ටයාර 6000කට හානි සිදුව ඇති බවය.

වගා කර ඇති එළවළු හෙක්ටයාර ප්‍රමාණය 15,000ක්.
මෙවර වී වගා හෙක්ටයාර එක් ලක්ෂ 30,000කට හානි සිදුව ඇත.

බඩ ඉරිඟු වගාවෙන් 8%කට පමණ හානි සිදු විය. ඒ අනුව හානිවී ඇති බඩ ඉරිඟු වගා බිම් ප්‍රමාණය, හෙක්ටයාර 6500කි.

අතිරේක බෝග වගාවලින් හෙක්ටයාර 9000 කට හානි සිදුව තිබේ.

එය, 35%ක ප්‍රතිශතයක් බව, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේය.

Exit mobile version