Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මගී බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කිරීමේ ජංගම බස් රථ සේවාවක්

මගී බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කිරීමේ ජංගම බස් රථ සේවාවක්

මගී බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කිරීමේ ජංගම බස් රථ සේවාවක්

මගී බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථ සේවාව හඳුන්වාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ඊයේ (24) ආරම්භ වුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අහඹු ලෙස තෝරා ගන්නා බස් රථවල සේවයේ නිරතව සිටින රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ කෙටි පරීක්ෂණයක් මගින් ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය පහසුකම් මෙම ජංගම බස් රථය තුළ සපයා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති යූ.ජී.සී පෙරේරා මහතා සඳහන් කළේ, පළමු අදියරේදී බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් පරික්ෂා කිරීම සිදුකළ පසු, ඉන් අනතුරුව අනෙකුත් රථවාහනවල රියදුරන්ද මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇද්දයි පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේ සැලැස්මක් පවතින බවයි.

Exit mobile version