Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලයි; පාස්පෝට් 256ක් නිළධාරීන් භාරයට

විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලයි; පාස්පෝට් 256ක් නිළධාරීන් භාරයට

විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලයි; පාස්පෝට් 256ක් නිළධාරීන් භාරයට

විදේශ රැකියා වංචාවන්හි යෙදීම හේතුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවා තිබියදීත් විදේශ රැකියා ලබාදීම සඳහා බඳවා ගැනීම් කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වැටලීම් කිරීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත්වී තිබෙනවා.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මරදාන, ශ්‍රි ප්‍රියදර්ශනාරාම මාවතේ ආයතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කරන බවට කාර්යාංශයට ලද තොරතුරක් අනුව විමර්ශන නිළධාරීන් විසින් බ්‍රහස්පතින්දා (20) දින වැටලීමක් කළා.

එහිදී හෙළිවූයේ විදේශ රැකියා වංචාවන්ට අදාළව පැමිණිලි 85ක් කාර්යාංශයට ලැබීම හේතුවෙන් කාර්යාංශය විසින් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවන ලද Ideal Manpower ආයතනය මෙසේ වෙනත් ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව එම ආයතනයේ බලපත්‍රලාභියා හා එහි සේවය කළ නිළධාරීන් තිදෙනෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 256ක් ඇතුළු ලේඛන රැසන් නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (21) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සියිනවා.

Exit mobile version