Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවක්

පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවක්

පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස් ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ස්ථානමාරුවක් හිමිව තිබුණා.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මීට අමතරව පොලිස් මූලස්ථානය සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරිමේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන මහතා ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති එන්.එල් සී සම්පත් කුමාර මහතා විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබෙනවා.

Exit mobile version