Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වන සුරැකුම 1995 කෙටි දුරකතන අංකයට දින 10ක දී ඇමතුම් 500ක්

වන සුරැකුම 1995 කෙටි දුරකතන අංකයට දින 10ක දී ඇමතුම් 500ක්

වන සුරැකුම 1995 කෙටි දුරකතන අංකයට දින 10ක දී ඇමතුම් 500ක්

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන තුලින් හදුන්වාදුන් “වනසුරැකුම,මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකයට ඇමැතුම් 500කට වැඩි ප්‍රමාණයක් ලැබි ඇතැයි පරිසර අමාත්‍යංශය සදහන් කරයි.

ලැබි ඇති අමැතුම් අතර පරිසර හානි සම්බන්ධව නොවන ඇමැතුම් ද ලැබි ඇති අතර පරිසරයට අදාල පැමිණි 61ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව තිබේ.

වන හානි,වන ජිවීන්ට සිදු කරනු ලැබු විවිධ නීතිවිරෝධ ක්‍රියාවන්,කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂීත ප්‍රදේශයන් හෙලිපෙහෙලි කිරීම් ඇතුළු සිද්ධීන් රැසකට අදාලව මහජන පැමිණි 1995 කෙටි දුරකතන අංකයට යොමු කර තිබු අතර 2025.11.03 දින සිට 2025.11.12 දින දහවල් 12.00 දක්වා මහජන පැමිණිලි ඇමැතුම් 61ක් ඊට ලැබි ඇත. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් රක්ෂීත වනාන්තර හෙළිපෙහෙලි කිරීම් සහ වනජිවින්ට අදාල පැමිණිලියි.

මේ දක්වා ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන හානි සම්බන්ධයෙන් පැමිණිළි 53ක් වාර්තා වි ඇති අතර ඉන් පැමිණි 13කට අදාලව පරික්ෂණ සිදුකර අධිකරණයට යොමුකර නීතිමය ක්‍රියා මාර්ගයන් ගෙන තිබේ. ඉතිරි පැමිණිලි 40 සදහා පරික්ෂණ අඩවි වනසංරක්ෂණ කාර්යාල මට්ටමින් සිදුකර කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ගයන් ගැනීමට නියමිතය. වනජිවි දෙපාර්තමේන්තුවට අදාල පැමිණිලි 08ක් සම්බන්ධයෙන්ද විමර්ශන අවසන් වු වහාම නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම සදහාද යොමුකර ඇත.

වනසතුන්ට සහ රක්ෂීත වනාන්තරයන්ට සිදුවන හානි සැලැකිල්ලට ගෙන ආරක්ෂක අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය, වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි විශේෂ මෙහෙයුම් ඒකකය වනජිවි අංශයේ පසුගිය 03 දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේණි.

මෙහිදි පරිසරයට සිදුකරනු ලබන හානිකර තත්වයන් සම්බන්ධයෙන් මහජන පැමිණිලි කඩිනමින් විභාග කර නීතිමය ක්‍රියා මාර්ග ගැනීම මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කිරිමේ මුලික අරමුණයි.

Exit mobile version