Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

Exit mobile version