ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.
ඒ ඡන්ද 195ක් ලබා ගනිමින්.
ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති.
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළ ඡන්දය විමසීම ඊයේ (07) මහනුවර එක්සත් බෞද්ධ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ප.ව 2.00ට පැවැත්වුණා.
මේ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර ඡන්දය ප්‍රකාශකිරීම සඳහා 362 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා.
ඒ අනුව මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා අතිපූජ්‍ය මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු ඇතුළු උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16ක රජමහා විහාර 157 ක භාරකාර හිමිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරු 170ක් මෙන්ම බස්නායක නිළමේවරු 31ක්ද,විහාර හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණා.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මේ සඳහා ප්‍රතිපාදන හිමිව තිබේ.
ඔහු මේ වන විට වසර 20ක කාලයක් දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කර තිබේ.

