Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන්ය.

දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම තත්ත්වය මතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින පුරා බන්ධනගාරවල රැදවිය හැකි රැදවියන් සංඛ්‍යාව 10350ක්. මේ වන විට 37 000කට ආසන්න පිරිසක් බන්ධනගාරවල රදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනු ලබයි.

ඒ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 30 – 40ත් අතර පුද්ගලයින් වේ.

මේ අතර බුස්ස බන්ධනාගාරයේ ලොකු පැටී රඳවා සිටින කුටියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කල මෙහෙයුම්වලදීය.

Exit mobile version