2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 (2026)” සඳහා මාර්ගතව අයදුම්පත් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර තිබෙනවා.
අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://doenets.lk වෙත පිවිස ලබා ගත හැකියි.
මාර්ගගත අයදුම්පත් භාරගැනීම අද (07) පෙ.ව.09.00ට ආරම්භ වන අතර නොවැම්බර් 28 දින ප.ව. 9.00ට අවසන් වනවා.

